හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ ඇමෙරිකාව (වොෂින්ටනය) සහ ඉරානය (ටෙහෙරානය) අතර පුළුල් සටන් විරාමයක් ඇති කර ගැනීමෙන් පමණක් බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි. චීනයේ නිල ‘Xinhua’ පුවත් ඒජන්සිය සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බලහත්කාරයෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, එකම නිවැරදි මාර්ගය සංවාදය පමණක් බවත්ය.
බීජිං නුවරදී ජනාධිපති ෂී ජින්පින්ග් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවලදී ද මෙම කරුණ අවධාරණය කෙරුණු බව වැන්ග් යී සඳහන් කළේය. “සාකච්ඡා එක රැයකින් සාර්ථක කර ගත නොහැකි වුවත්, සංවාදය සඳහා දොරටුව විවෘත වූ පසු එය නැවත වසා නොදැමිය යුතුයි” යන්න චීනයේ ස්ථාවරය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මැදපෙරදිග සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීනය සිය භූමිකාව අඛණ්ඩව ඉටු කරන බවත්, සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට චීනය කැපවී සිටින බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි තීරණාත්මක මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයක් බව ද චීන පාලනයේ අදහසයි.














