27 July 2024
#දේශීය

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය අංශ ප්‍රධානියාව ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු ඩොලර් මිලියනයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය අංශයේ ප්‍රධානී පියල් නන්දන දිසානායක ලබන මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර ඇත.

රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන හෙයින් සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

ක්‍රිකට් තරගාවලියක රූපවාහිනී ප්‍රචාරක අයිතිවාසිකම ලබා දීමෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් 187084 ක මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකොට වෙනත් ගිණුමකට බැර කිරීම තුළින් එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා කරමින් සැකපිට රහස් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මූල්‍ය වංචා චෝදනා මත ඊයේ (22) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගෙන අද (23) අධිකරණයට ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *