27 July 2024
#දේශීය

මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන හරිනිට

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් ඇති බව අනුර කුමාර දිසානායක පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් අද (12) දැනුම් දී ඇති තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් ජාතික මන්ත්‍රී ධුරයක් ලැබී ඇති අතර එය ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් තීරණය කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *