27 April 2024
#දේශීය

සතොසට මසකට සැමන් ටින් ලක්ෂ 04 ක්

ස.තො.ස ට සැමන් ටින් ලක්ෂ 04ක් මසකට සැපයීමට ටින් මාළු නිෂ්පාදකයින් පොරොන්දු වු බව ධිවර අමාත්‍ය දේවානන්දා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සැමන් ටින් නිෂ්පාදකයන් 07 දෙනෙකු සමග ඊයේ (23) අද දින Zoom තාක්ෂණය ඔස්සේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සමග පැවති සාකච්ඡාවේදී ස.තො.ස ආයතනය වෙත රුපියල් 285ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ 04ක් සැපයීමට පොරොන්දු විය.

මෙහිදී ටින් මාළු නිෂ්පාදකයින් ඔවුන්ට පැන නැගී ඇති ගැටළු රාශියක් පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. මේ පිළිබද අවධානය යොමු කල අමාත්‍යවරයා මෙම ගැටළු සදහා විසදුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

ටින් මාළු කර්මාන්තයට බලපාන ගැටළුවක් වන මාළු වල ආසනික ද්‍රව්‍ය අන්තර්ගහණය වැඩි බවට ප්‍රමිති කාර්යාංශය පැවසීමත්ය. නමුත් ප්‍රමිති කාර්යාංශය සතුව මේ සදහා සුදුසු පර්යේෂණාගාර පහසුකම් නොමැති බව ටින්මාළු නිශ්පාදකයන් විසින් පෙන්වා දෙන ලදි. ඒ සදහා අවශ්‍ය විසදුම් ප්‍රමිති කාර්යාංශය හා ඊට අදාල අනෙකුත් ආයතන හා එක්ව සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ ) ධම්මික රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *