27 April 2024
#දේශීය

රටේ සංවර්ධන මෙන්ම රටේ ආර්ථිකය ඉහළ නංවනවා – ඇමැති නාමල්

දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙලක් තිබෙන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා එක්වෙමින් පසුගිය 22 වනදා එක්වෙමිනි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් දිවයිනපුරා මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.

එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීමේ දී ප්‍රායෝගික ගැටලු ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි සම්බන්ධීකරණය මගින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ව්‍යාපෘති නියමිත ප්‍රමිතියෙන් යුතුව නියමිත කාලවකවානුවලදී අවසන් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවන්වල දී අධීක්ෂණය කරනු ලබයි.

ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය, නව ව්‍යාපෘති සඳහා මුල්ගල තැබීම, වැඩ අවසන් කළ ක්‍රීඩාංගණ ජනතා අයිතියට පත්කිරීම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම හා නිවාස හිමිකම් ප්‍රදානය කිරීමත් මෙම අධීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබිණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *