• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංවේදී පරිසර කළාප 04ක් අලුතින් හඳුනා ගැනේ – පරිසර අමාත්‍යංශය

18 August 2021
in දේශීය

රටේ සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය BIO-DIVERSITY UNIT විසින් මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර තිබේ.

ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීමට පහසු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හඳුනාගෙන තිබෙන අතර ඒවා සංවේදී පරිසර කළාප වශයෙන් නම් කර ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම අලුත් සංවේදී පරිසර පද්ධති මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

මින් පෙර මේ අන්දමින් සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ හා එලෙස හඳුනාගත් සංවේදී පරිසර කළාප නම් කර නොතිබීම නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම පද්ධතීන්ට හානි සිදුවුනු අවස්ථා වාර්තා විය.

නමුත් නව වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් එම සංවේදී පරිසර කළාප හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කළාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබේ. ඒවා ජාතික පාරිසරික පනත අනුව සංරක්ෂණය කෙරෙන බැවින් එහි ආරක්ෂාව තහවුරු කරනු ලැබ ඇත.

එමනිසා මෙවැනි සංවේදී පරිසර පද්ධති හඳුනාගනිමින් ඒවා සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළ දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට වැඩ පිළිවෙළක් ජෛව විවිධත්ව ඒකකය මගින් සකසා ඇතැයි ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Post Views: 16
Previous Post

ගම්පහ තත්ත්වය භායනකයි ..- මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 

Next Post

 ආණ්ඩුව බිලි පුජා කරනවාදැයි මනුෂ ප්‍රශ්ණ කරයි

editor

editor

Next Post

 ආණ්ඩුව බිලි පුජා කරනවාදැයි මනුෂ ප්‍රශ්ණ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved