27 April 2024
#දේශීය

ගම්පහ තත්ත්වය භායනකයි ..- මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 

ගම්පහ දිස්ත්‍රික්ය තුළ දිනකට කොරෝනා ආසාදිතයින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුවරුන් පවසයි.

ඔවුන් කියා සිටින්නේ නිවස් තුළ මරණ පවා මේ දිනවල සිදුවෙමින් පවතින බවයි. ගම්පහ දිස්ත්‍රික්කය තුල ආසාදිතයින් ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යාමක් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමක් පමණ සිදුවන බව ඔවුන් අප වෙත පවසා සිටි.

කෙසේ වෙතත් රට තුළ සම්පුර්ණයෙන් ඇදිරි නීතිය දමා තත්ත්වය පාලනය නොකලොත් ඉදිරි සති කිහිපය තුළදී මීට වඩා විශාල සංඛ්‍යාවක් මරණයට පත්වනු ඇති බව ඔවුන් අප වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී පවා මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසා සිටියේද කොරෝනා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛණයේ වෙනස් කම් සිදු කරන බව තමාට දැනගන්නට ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *