27 April 2024
#දේශීය

මොරවැව දී සිදු වු අනතුරින් අවුරුදු 05 ක දරුවෙකු මරුට

මොරවැව. ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ ඊයේ (19) රාත්‍රියේදී සිදු වු අනතුරින් එම ස්ථානයේම අවුරුදු 05 ක දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි‍.

නොච්චිකුලම ප්‍රදේශයේදී කාර්මික දෝශයක් හේතුවෙන් මාර්ගයේ සිමෙන්ති ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් නවතා ඇති අවස්ථාවේදී ත්‍රිකුණාමලය දෙස සිට හොරොව්පතාන දෙසට ධාවනය වු වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති.

අනතුරින් වෑන් රථයේ ඉදිරිපස වම් අසුනේ ගමන් කල වයස අවුරුදු 05 ක හොරොව්පොතානා ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු එම ස්ථානයෙම මිය ගොස් ඇත. අනතුරින් වෑන් රථයේ රියදුරු සමඟ පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය හා මහදිවුල්වැව රෝහලට ඇතුලත් කර ඇත.

මිය ගිය දරුවාගේ මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. වෑන් රථයෙ රියදුරාගේ අපරික්ෂාකාරී හා නොසැලිකිලිවත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පැවසිය. සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *