27 April 2024
#දේශීය

ඉන්දිය මුදල් ඇමැතිනි ශ්‍රී ලංකාවට සහය වන ලෙස IMF වෙතින් ඉල්ලයි

ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාවට සහය වන ලෙස (IMF) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිසාලිනා ජෝර්ජිවා වෙතින් ඉල්ලා ඇති බව ද හින්දු ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ නය ආපසු ගෙවීම පැහැර හරින බව නිවේදනය කර ඇති අතර, මේ වසර සඳහා ඩොලර් බිලියන 4 ක ඇපදීමේ පැකේජයක් IMF වෙතින් අපේක්ෂා කරනු ඇති බව එම වාර්තා සඳහන් කරයි.

පසුගියදා මෙරට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා හා ඉන්දිය මුදල් අමාත්‍යවරිය සමඟ පැවැති ද්විපාර්ශික සාකච්ඡාවෙන් අනතුරුව මෙරටට සහාය දක්වන බව දන්වා ඇත.

 

මුලාශ්‍රය – ද හින්දු

 

https://www.thehindu.com/news/national/finance-minister-has-urged-imf-to-assist-sri-lanka-govt/article65336311.ece?homepage=true

Leave a comment

Your email address will not be published. Required fields are marked *