• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වන ප්‍රදර්ශනය යාපනයේදී – සැප්තැම්බර් 07 සිට 10 දක්වා

2 September 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 07 දින සිට 10 දක්වා යාපනය කොටුව ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.

මුදල් අමාත්‍යංශට කියා සිටියේ විශේෂයෙන්ම උතුර ට ආවේනික වූ විවිධ ව්‍යවසායකත්වයන් තව දුරටත් ශක්තිමත් කර ගනිමින් නව පරපුර එම ව්‍යවසායකත්ව අපේක්ෂාවන් වෙත යොමු කරවීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන බවයි.

යාපනය දිස්ත්‍රික්කයට ආවේනික කර්මාන්ත නංවාලීමේ අරමුණින් කාර්මික,කෘෂිකාර්මික, ධීවර හා සංචාරක යන ක්ෂේත්‍රයන්ට මූලිකත්වය දෙමින් ව්‍යාපාර නැංවීම සඳහා ණය සහන ලබා දීම ප්‍රායෝගික තලයට ගෙන ඒම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.

උතුරේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පිළිබදව දැනුම,උපදේශනය ලබා ගත හැකි පරිදි ප්‍රදර්ශන භුමිය කලාප හතකින් සමන්විතවේ.

ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය සහ මාධ්‍ය කලාපය ලෙස කලාප හත වෙන් කර ඇති අතර පහසුවෙන් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රදර්ශනයට සහභාගී වන්නන්ට හැකියාව ලැබේ.

ව්‍යවසායකත්ව කලාපය මගින් ඔවුන්ට සිය ව්‍යාවසායකත්ව අපේක්ෂාව ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම සඳහා වන උපදේශකත්වයේ සිට, එය ආරම්භ කිරීමට අවශ්‍ය පොලී සහන ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම දක්වා වන සියලු කටයුතු එකම ස්ථානයක දී සිදු කර ගැනීමේ හැකියාව පවතී.

මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ සහභාගීත්වය ලැබේ. අදාළ බැංකු වෙතින් ඒ මොහොතේම ණය මුදලක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ද පවතී.

රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාප මගින් විශේෂයෙන්ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳ සහ ඒවායේ කාර්යයන් පිළිබඳ අවබෝධය ලබා දෙනු ලබයි. රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු, ඒ ඒ අමාත්‍යාංශවල කාර්ය භාරයන් සහ එමගින් ජනතාවට සැලසෙන සේවාවන් පිළිබඳ තොරතුරු මෙහි දී ලබා ගත හැකි ය.

ප්‍රදර්ශන භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කලාපය වෙන් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව පාසල් විෂයානුබද්ධ කටයුතුවලට අදාළ පොත්පත් විශේෂ වට්ටම් සහිතව මෙහි දී අලෙවි කෙරේ. මීට අමතරව සිසුන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා වන විවිධ වැඩසටහන් මෙම ප්‍රදර්ශන කලාපය තුළ දී පැවැත්වේ. උසස් අධ්‍යාපන වරම් පිළිබඳ මග පෙන්වීම් ද මෙහි දී ලබා ගත හැකි ය.

මෙම ප්‍රදර්ශනය නැරැඹීමට එන අයට පහසු මිලට භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ද හිමිවේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිමි ඇඳුම් හා ඇගලුම් තීරු බදු රහිත මිල ගණන්වලට මෙහි දී මිල දී ගත හැකි ය.

මෙයට අමතරව නව නිපැයුම්කරුවන් වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කර තිබේ. සම්මාන ලාභී නව නිපැයුම්කරුවන් සහ උතුරු පළාතේ නව නිපැයුම්කරුවන්ට මෙහි දී විශේෂත්වයක් හිමිවේ.

විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් වෙන් වූ මාධ්‍ය කලාපය තුළින් ජනතාවට සිය ප්‍රියතම විද්‍යුත් මාධ්‍ය නියෝජිතයන් හමුවීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව පාසල් දරුවන්ට අදාළ විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය, වැඩසටහන් රූපගත කෙරෙන ආකාරය හා ප්‍රවෘත්ති ඇතුළු විවිධ වැඩසටහන් විකාශය කරන ආකාරය ද දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වේ.

මෙයට අමතරව රාජ්‍ය ආයතන මගින් පවත්වනු ලබන ජංගම සේවා රැසක් ද ප්‍රදර්ශනය පවත්වනු ලබන දින හතර පුරාම ක්‍රියාත්මක වේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන සායන සේවා සහ රසායනාගාර සේවාවන් ජනතාවට නොමිලේ ලබා ගත හැකි ය. නීතියේ රැකවරණ අපේක්ෂා කරන අයවලුන් වෙනුවෙන් නීති ආධාර ලබා දෙනු ලැබේ.

වෘත්තිය පුහුණු අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් ම වෙන් වූ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ය.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවක් ද ප්‍රදර්ශන කලාපය තුළ ක්‍රියාත්මක කෙරේ. එමගින් අධ්‍යාපනය කටයුතු සහ රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කරන්නන්ට සිය අධ්‍යාපන ප්‍රතිඵල ඇතුළු අනෙකුත් අවශ්‍ය ලේඛන සහතික කර ගැනීමේ කටයුතු සිදු කර ගත හැකි ය.

අග්‍රමාත්‍යතුමා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා උපදෙස් සහ අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදු කෙරේ.  පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැවැත් වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනක ම දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ ජනප්‍රියතම ගායන ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ.

Post Views: 9
Previous Post

සංවර්ධන ප්‍රතිඑල කළමණාකරණය පිළිබද පුහුණු වැඩමුළුව

Next Post

ලබන නොවැම්බර් මෙරට ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියා තමා බව ඇමැති සජිත් කියයි

editor

editor

Next Post

ලබන නොවැම්බර් මෙරට ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියා තමා බව ඇමැති සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved