27 April 2024
#දේශීය

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ 07 දෙනෙකු අත්අඩංගුවට

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙක් නාවික හමුදා විසින් ඊයේ (01) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 21 ත් 38 ත් අතර වයසේ පසුවන යාපනය, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් හත් දෙනා (07), ඩිංගි යාත්‍රා දෙක (02) සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *