27 April 2024
#දේශීය

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති රියර් අද්මිරාල් ධම්මික වැඩ භාර ගනි

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර ඊයේ (01) දින වැඩ භාර ගත්තේය.

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතාගේ ධුර කාලය නිමාවීමත් සමඟ නව උපකුලපතිවරයා ලෙස ඔහු පත් කර ඇත.

රියර් අද්මිරාල් කුමාර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත්වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් නාවික නිලධාරියෙකි.

නව උපකුලපතිවරයා වැඩ භාරගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයේදී ඔහු වෙත ගෞරව සම්මාන මුරයක් පිරිනැමුණු අතර, ඔහු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර ද දැක්වීය.

ඔහු විශ්වවිද්‍යාලීය සරඹ භූමියේදී විශ්වවිද්‍යාල වර්ණ ධජ සහිත පෙළපාලිය ද නිරීක්‍ෂණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *