• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තවලම රුපියල් ලක්ෂ 1,148ක ව්‍යාපෘතිය  21 වනදා ජනතා අයිතියට

19 June 2019
in සංවර්ධන

ග්‍රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 21 වන සිකුරාදා සිදු කිරීමට නියමිතය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සහ එහි නිල නිවස පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමද තවලම ශ්‍රී ශාසනෝධයාරාම පුරාණ විහාර භූමියේ ඉදිකළ සුරක්ෂා මධ්‍යස්ථානය සඟසතුකොට පුජා කිරීම ප.ව. 3.30ටද සිදු කිරීමට කටයුතු යොදා ඇත.

තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 595ක වියදමින් ඉදිකර ඇති අතර 2017 පෙබරවාරි මස 06 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.
රුපියල් ලක්ෂ 46ක වියදමින් ඉදිකළ තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල නිවස සඳහා මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2016 සැප්තැම්බර් 23 වැනි දිනය.

ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද තවලම ශ්‍රී ශාසනෝධයාරාම පුරාණ විහාර සුරක්ෂිත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 57කි.
මෙම ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලිවල ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

මෙයට සමගාමීව රුපියල් ලක්ෂ 300ක වියදමකින් ඉදිකරන ලද තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව ගොඩනැගිල්ල ප.ව. 2.30ට හා රුපියල් ලක්ෂ 150ක වියදමකින් ඉදිකරන ලද හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහලේ නව ගොඩනැගිල්ල ප.ව.4.00ට සිසු අයිතියට පත්කිරීම සහ ඕපාත පොලිස් ස්ථානය ප.ව.2.00ට විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදු කෙරේ.
තවලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් 1881 නව සමෘද්ධි දීමනා පත් ලබාදීම ද මෙහිදී සිදු වෙයි.

මෙම අවස්ථාවන් සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මැතිඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.

Post Views: 8
Previous Post

අසනීප නිසා ගෝඨාගේ නඩුව කල්යයි

Next Post

කැබිනට් මණ්ඩලය තුල ප්‍රශ්ණයක් නෑ – ඇමැති රවි කියයි

editor

editor

Next Post

කැබිනට් මණ්ඩලය තුල ප්‍රශ්ණයක් නෑ - ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved