27 April 2024
#දේශීය

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මඩු, කුංචිකුලම දිස්ත්‍රික් මාර්ග බාධාකයේදී මාළු ප්‍රවාහනය කරන පීසර් ලොරි රථයක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරන ලද ගංජා කිලෝ 103 ග්‍රෑම් 200 ක් සමඟ රියදුර හා රිය සහායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (24) අලුයම මඩු පොලිස් ස්ථානයේ නිලධාරින් හා යුධ හමුදා නිලදාරින් සමඟ සිදු කල ඒකාබද්ද මාර්ග බාධකයේදී අදාල වැටලිම සිදු කල බවයි. එහීදි ලොරි රථයේ පීසරයේ බද කොටස තුල ඉතා සුක්ෂමව අසුරා තිබු ගංජා තොගය සොයා ගෙන ඇතිබවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ක් හා 39 ක් වන අතර ඔවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරු ඊයෙ දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුව දින 03 ක් රඳවා තබාගැනීමේදී නියෝගය ලබා ගෙන ඇති අතර මඩු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *