27 April 2024
#දේශීය

මට ඕන එක මම අදිනවා – ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි

තමා අදින්නේ තමාට අවශ්‍ය ඇඳුම බවත් එය අන් අයට අවශ්‍ය වන අයුරුන් වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අද (25) පාර්ලිමෙන්තුවේ පැවැති විවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි චමින්ද විජේසිංහ මහතා විසින් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් පවතින නඩුවිභාගය සම්බන්ධයෙන් විමසා සිටියේදී අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ එය අධිකරණ පැවැත්වෙන නඩුවිභාගයක් හෙයින් තමාට ඊට වඩා පිළිතුරු ලබා දිය නොහැකි බවයි.

එහිදී චමින්ද විජේසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වු විට ටයි කෝට් ඇදන් මේ ආකාරයටම ඉදිරියේදී කතා කිරීමට හැකියාව ඇති දැයි අලි සබ්රි අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එයට පිළිතුරු ලබා දුන් අලි සබ්රි මහතා කියා සිටියේ අධිකරණයට අවශ්‍ය වන ආකාරයට තමා ඇදුම් අදින බවයි. එය කිසිවෙකුත් වෙනස් කල නොහැකි බවයි. ජාතිවාදය අවුස්සන්න ද ඔබට අවශ්‍ය වෙලා තිබෙන්නේ දැයි අලි සබ්රි මහතා මෙහිදී ප්‍රශ්ණ කර නිහඩව සිටියේය.

මෙහිදී තුෂාර ඉදුනිල් මහතා සභාවේදී පැවසා සිටියේ අමාත්‍ය අලි සබ්රි මහතා රස්තියාදුකාරයෙක් වගේ සභාව අමතන බවයි. ඔහුට පාර්ලිමේන්තුවේදී කතා කරන පිළිබඳ උගන්වන ලෙස ඉදුනිල් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුව සභාව ඇමතු හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ සභාවේ මන්ත්‍රීවරයෙකු ප්‍රශ්ණයක් අසන විට එයට පිළිතුරු ලබා දීමේදී තරහා නොගෙන පිළිතුරු ලබා දිය යුතු බවයි. 

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පසුව තමාගේ වචන සැර වැඩි වු බවත් තමා කතා කරන්නේ ඒ ආකාරයෙන් නිසාවෙන් බවත් තමාට සමාව වන ලෙස පාර්ලිමේන්තුවට පවසා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *