හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු **104 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ** වේගවත්ම ක්‍රීඩකයා ලෙස දිනෙත් ඉඳුවර වීරරත්න සහ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස එම්. වයි. එෆ්. සාෆියා යාමික් සම්මාන දිනා ගැනීමට සමත් වූහ.
පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.51කින් නිම කරමින් දිනෙත් ඉඳුවර වීරරත්න රන් පදක්කම දිනාගත් අතර, එහි දෙවැනි ස්ථානය චමෝද් යෝධසිංහටත් (තත්. 10.69) තෙවැනි ස්ථානය එම්.ටී.සී. ද කොස්තාටත් (තත්. 10.70) හිමි විය. කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.85කින් අවසන් කළ එම්. වයි. එෆ්. සාෆියා යාමික් රන් පදක්කම දිනාගත් අතර, එහි රිදී පදක්කම අමාෂා ද සිල්වාටද (තත්. 11.90) ලෝකඩ පදක්කම ඩබ්ලිව්. එස්. එච්. ප්‍රනාන්දුටද (තත්. 12.00) හිමි විය.














