ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබා තිබේ.
2007 වසරේ රම්මලේ කන්ද ආරණ්‍ය සේනාසනයේ සිටින කාලයේ සිට තමන් නාමල් රාජපක්ෂ මහතා හඳුනන බවත්, ඔහු දේශපාලනයට වඩා අධ්‍යාත්මික ගමනක නිරත වන ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙකු බවත් උන්වහන්සේ සඳහන් කරයි. නාමල් රාජපක්ෂ මහතා නිර්මාංස, මද්‍යසාර භාවිතයෙන් තොර පුද්ගලයෙකු බවත්, ඔහු සිරගත කිරීමෙන් වට්ටවාලිය නොහැකි බවත් පෙන්වා දෙන උන්වහන්සේ, දේශපාලන පළිගැනීම් නතර කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටියි. ඉදිරියේදී නිදහස ලබා අධ්‍යාත්මිකව ශක්තිමත්ව පැමිණෙන ඔහු නෙල්සන් මැන්ඩෙලා මෙන් සියලු දෙනාට සමාව දී රටේ නායකත්වයට පැමිණෙනු ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.















