27 April 2024
#දේශීය

මෙරට රෝහල් 55 ට සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබා දෙයි

මෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ලබා දුන්නේය.

2021.10.24 දින පැවැති සීමිත තරග විභාගයෙන් ලබාගත් ප්‍රතිඵල හා 2022.02.22, 23 පැවැති යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දිවයින පුරා රෝහල් තුළින් තෝරාගත් 108 දෙනෙකු සදහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට සුළු සේවා පාලක තනතුරේ 240 ක් සේවය කරනු ලබන අතර එහෙත් සිටිය යුතු ප්‍රමාණය 348 කි. ඒ අනුව පුරප්පාඩුව ලෙස පැවැති ප්‍රමාණය වන 108 බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ අනුව කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (පාලන) ඩි.එල්.යූ පීරිස්, අධ්‍යක්ෂ (පාලන) 04 මුදිත විමලසේන යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *