• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

29 February 2024
in පුවත්, සංවර්ධන
රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

මහ කන්නයේ වී වගා කරන ගොවි ජනතාවට පොහොර සහනාධාරය වශයෙන් රජය විසින් ලබා දෙන ලද රුපියල් බිලියන 11ක මුදලක් පසුගිය 27 වනදා දිනය වනවිට බෙදා අවසන් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 27 වනදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී පැවැති සාකච්ඡාවකදිය.

2023/24 මහ කන්නයේ දී වී වගාකරන ගොවීන් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුදලක් ගොවි ගිණුම්වලටම මුදා හැරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 11.6 මුදලක් වෙන් කරනු ලැබීය.

එම සමස්ත මුදලින් ඊයේ දිනය වනවිට රුපියල් බිලියන 11ක් ගොවි ගිණුම්වලට බැර කිරීමට පියවර ගත් අතර තවත් ලබා දීමට ඉතිරිව ඇත්තේ දශම 06ක පමණ මුදලකි. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් වී වගාව ආරම්භ කරනු ලබන්නේ අනෙකුත් ප්‍රදේශවලට වඩා පසුවය.

එමනිසා දැනට මුදල් ගෙවීමට ඉතිරිව ඇත්තේ එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් බවත්, මීට අමතරව අනෙකුත් ප්‍රදේශවල ගොවින් කිහිප දෙනෙකුට හෝ අදාල මුදල් ලැබී නොමැති නම් ඊට හේතුව ඔවුන් ලබා දුන් ගිණුම් අංක හෝ නම්වල ඇති දෝෂ සහිතභාවය විය හැකිබවත් කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කෙසේ වුවද මේ වනවිට වී වගා කළ සමස්ත ගොවින්ගෙන් සියයට 98කටම අදාල මුදල් ඔවුන්ගේ ගිණුම්වලටම යොමු කර අවසන් කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවර මහ කන්නයේ වී අස්වනු ඉහළයාමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් අනලස්ව කටයුතු කළ ආකාරය බලපාන ලද බවත්, රටේ සියලු දෙනාගේ කෘතඥතාවය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබිය යුතු බවත් පැවසිය.

Post Views: 9,893
Previous Post

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට පාසල් දරුවන් දහසක්  උපකරණ ලබා දීමේ වැඩසහනක් – වනවාසී රාහුල හිමියන්

Next Post

ජුනි සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor ttvnews

editor ttvnews

Next Post
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ජුනි සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම් - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved