ජපානයේ 11 හැවිරිදි Yuki Kurihara 2026 ආසියානු ක්රීඩා උළෙලේ eSports අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
Aichi-Nagoya ආසියානු ක්රීඩා උළෙලේ Puyo Puyo Champions තරග ඉසව්වේ අවසන් තරගයේදී ඔහු ලකුණු 10-2ක් ලෙස ජයගනිමින් මෙම රන් පදක්කම හිමිකරගෙන ඇත.
ප්රාථමික පාසල් සිසුවෙකු වන Kurihara, ජපානයේ ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසයේ ළාබාලතම ක්රීඩකයා ලෙසද සැලකෙන අතර, මෙවර තරගාවලියේ ළාබාලතම තරගකරුවා විය හැකි බවද වාර්තා වේ.
Puyo Puyo Champions යනු වර්ණවත් කොටස් එකට සම්බන්ධ කර ඉවත් කිරීම මත පදනම් වූ ප්රහේලිකා ආකාරයේ වීඩියෝ ක්රීඩාවකි. Kurihara සිය ජයග්රහණයෙන් පසු තමන් “ලැජ්ජාවට පත්වූ” බව AFP වෙත සඳහන් කර තිබේ.
















