ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2027 එක්දින ලෝක කුසලානය ඉන්දියාව වෙනුවෙන් තම අවසන් ලෝක කුසලාන තරගාවලිය වන බව ප්‍රකාශ කර තිබේ.
37 හැවිරිදි කෝලි මේ වනවිට ටෙස්ට් සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට්වලින් විශ්‍රාම ගෙන ඇති අතර, ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග පමණක් ක්‍රීඩා කරයි. එක්දින ජාත්‍යන්තර තරගවල ශතක 54ක් සමඟ ඔහු එම ආකෘතියේ වැඩිම ශතකලාභියා වේ.
ජියෝස්ටාර් වෙත අදහස් දක්වමින් කෝලි සඳහන් කර ඇත්තේ 2027 ලෝක කුසලානයේදී ඉන්දියාව වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදීමට සූදානම් බවයි. එහිදී ඉන්දියාවට ලෝක කුසලානය දිනාදීම තම ප්‍රධාන අරමුණ බවද ඔහු පවසා තිබේ.
2027 ලෝක කුසලානය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවලදී පැවැත්වීමට නියමිත අතර, එය කෝලිගේ පස්වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය වනු ඇත. ඔහු 2011 ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර 2023 අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාව පරාජයට පත්විය.
















