වයස් කාණ්ඩ යටතේ පැවති 16න් පහළ සහ 18න් පහළ කාන්තා ඒක පුද්ගල ශූරතා දිනාගත් අනයා නොබට්, 111 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව ද දිනාගනිමින් ඇයගේ තෙවැනි ශූරතාව මෙලෙස හිමිකර ගත්තාය.
සන්ධි උස්ගොඩආරච්චි සමඟ එක්ව තරඟ වැදුණු ඇය, අවසන් මහා තරගයේදී තුවිනි ද අල්විස් සහ බියංකා අචුස්තාප යුගලය ලකුණු 2-0ක් ලෙස පහසුවෙන් පරාජය කළාය. මීට අමතරව, කාන්තා ඒක පුද්ගල අංශයේ අනුශූරතාව දිනාගැනීමට ද අනයා සමත් වූවාය. මේ අතර තෙහාන් විජේමාන පිරිමි ඒක පුද්ගල, යුගල සහ මිශ්‍ර යුගල යන අංශවලින් ශූරතා තුනක් දිනාගැනීමට සමත් විය.














