27 April 2024
#දේශීය

ජනතාව පාරට බස්සනවා – සමන් රත්නප්‍රිය කියයි

රටේ පවතින දේශපාලන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධාරණය විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළදී ජනතාව පාරට ගෙන්වන බව සමන් රත්නප්‍රිය මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය විසින් කළ වීමසීමකදී ඒ මහතා කිා සිටියේ අද (16) පෙරවරුවේදී මල්වතු මහානාහිමිවරුන් හමු වු බවත් එහිදී මේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ද ඉල්ලීමක් කළ බව ද හෙතෙම පැවසිය. ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිවරයා පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයට නිසි විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර එය නොවන්නේ නම් ජනතාව සමඟ අරගල කිරීමට සුදානම් බව රත්නප්‍රිය මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *