ජූනි මස 16 වන දිනට යෙදෙනෙ පොසොන් පෝය දිනය යෙදී ඇත. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.
මෙවර පොසොන් තේමා පාඨය ලෙස ”සබ්බේ තසන්ථි දන්ඩස්ස” යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන් ම ජූනි 1 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් තීරණය කර ඇත.
			
                                
                                
							











