• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බල අරගලයට රට ගිලගැනීමට ඉඩ නොදෙමු – මාර්තු 12 ව්‍යාපාරය

17 November 2018
in දේශීය

ජාතන්ත‍්‍රවාදය, මහජන නියෝජිතයාගේ ගෞරවය හා ජනතා අභිලාෂයන් කෙලසන මහජන නියෝජිතයන් වීරයන් බවට පත් නොකර, පක්ෂ පාට භේදයෙන් තොරව ප‍්‍රතික්ෂේප කිරීම සවිඥානික පුරවැසියන්ගේ වගකීමක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තම පුද්ගලික අභිමතාර්ථ අරභයා මොහොතින් මොහොත පැති මාරුකරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්න විසදාගත නොහැකි, අශීලාචාර, අවිචාරශීලි දේශපාලකයන් රටේ උත්තරීතර සභාවට පත්කීරීම පිළිබඳ අප ලැජ්ජා විය යුත බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ “ ශී‍්‍ර ලංකාව ආසියානු කලාපය තුල පැරණීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ලෙස ගෞරවයක් දිනාගෙන සිටි රටකි. එමෙන්ම පසුගිය දශක කීපය තුළ එය ක‍්‍ර‍්‍රමිකව වඩා දියුණූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් එකතු කර ගනිමින් සහ වැඩි දියුණු වෙමින් කලාපය තුළ යම් පිළිගැනීමක් ඇති කරගනිමින් තිබුණු මොහොතක අපගේ මහජන නියෝජිතයෝ සිය බල අරමුණු උදෙසා එම කීර්තිය සහ ප‍්‍රගතිය විනාශ කරමින් සිටිති.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ සමහර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම පිළිබඳව සළකා බැලීමේදී ඇතිවන්නේ අතිශය ජුගුප්සාජනක තත්ත්වයකි. එකී අසීලාචාර හැසීරීම මහජන ඡුන්දයෙන් තේරීපත්වූ මන්තී‍්‍රවරයෙකුට තරම් නොවන බවද පැවසිය යුතුය. පාර්ලිමේන්තුව යනු රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන්මල්කඩයි. විශේෂයෙන්ම නීති හා ප‍්‍රතිපත්ති සම්පාදනය සිදුකරනු ලබන උත්තරීතර ආයතනය වන, පාර්ලිමේන්තුව තුළ සාමකාමීව සාකච්ඡුා මගින් නීති හා සම්ප‍්‍රදායන්ට අනුකූලව කටයුතු කළ යුතුව තිබියදී මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වීම කණගාටුවට කරුණකි. විශේෂයෙන්ම මහජන නියෝජිතයන් ආයුධ, මිරිස් කුඩු වැනි ද්‍රව්‍ය පාර්ලිමේන්තුවට ගෙන ආ බවට චෝදනා එල්ල වීම දක්වා වර්ධනය වීම මහජන නියෝජිතයින්ගේ පිරිහීම මොනවට විදහාපායි. මහජන නියෝජීතයන් මෙසේ විනාශ කරමින් සිටින්නේ ජනතාවගේ මුදල් සහ පොදු දේපළ බව ඔවුන් දැන ගතයුතුව ඇත. එමෙන්ම පක්ෂ භේදයෙන් තොරව අපගේ ගෞරවයට පාත‍්‍ර වූ සමහර ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයින්ගේ හැසිරීම මෙම තත්ත්වය අවම කිරීම වෙනුවට වර්ධනය කිරීමට දායක වීම තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔවුන් ගොඩ නගා ගත් ගෞරවය අහිමි කර ගෙන ඇත.
රාජ්‍ය නායකයා ඇතුළු සියලූ මහජන නියෝජිතයන්ගෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ මව්බිම, ව්‍යවස්ථා අර්බුදයකට හා ප‍්‍රචණ්ඩත්වයට ඇද නොදමා, ජනතාවගේත් රටේත් ගෞරවය ආරක්ෂා කරගනිමින් මෙම අර්බුදය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ව්‍යවස්ථානුකූලව සහ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුකූලව සාමකාමීව විසඳා ගැනීමට ක‍්‍රියාකරන ලෙසයි.

දේශපාලඥයින්ගේ මෙම බල අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට රටේ අභිවෘද්ධිය උදෙසා එකට වැඩ කරමින් සිටි සිවිල් සමාජය , ආගමික නායකයින් , වෘත්තීය වේදීන් , වෘත්තීය සමිතී සහ මාධ්‍ය ඉතා කණගාටුදායක ලෙස බෙදීමට ලක් වී ඇත. එමෙන්ම අපගේ විද්වතුන්, වෘත්තිකයන්, සිවිල් නායකයන්, නීති විශාරදයින් හා සියළු ආගමික නායකයන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනුයේ දේශපාලන කඳවුරුවලට සිර නොවී දේශපාලකයන්ට ඉදිරියෙන් සිටිමින්, මධ්‍යස්ථව මෙම අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩගැනීමට ක‍්‍රියාකරන ලෙසයි, විශේෂයෙන් ම දේශපාලන කඳවුරු වල අවශ්‍යතා වලට අනුව ව්‍යවස්ථාව සහ නීතිය තම තමන්ට අභිමත පරිදි අර්ථ නිරුපණය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉදිරි පියවරක් ලෙස මේ රටේ දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනසක් ඇති කරගැනීමේ අරමුණින් මාර්තු 12 ව්‍යාපාරය ගොඩනැඟීම වෙනුවෙන් දායක වූ අපි, මෙම අභියෝගයට සාමූහිකව නොබියව මුහුණ දෙන්නෙමු. මේ දක්වා මේ රටේ ජනතාව තමන් නියෝජනය කරනු ලබන දේශපාලන මතවාදය වෙනුවෙන් ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව, ඇතැම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වඩා ගෞරවනීය අයුරින් සංයමයකින් යුතුව කටයුතු කිරීම අගය කළ යුතුය. එසේම ඉදිරි කාලය තුළද සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. එහෙත් තම පුද්ගලික අභිමතාර්ථ අරභයා මොහොතින් මොහොත පැති මාරුකරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්න විසදාගත නොහැකි, අශීලාචාර, අවිචාරශීලි දේශපාලකයන් රටේ උත්තරීතර සභාවට පත්කීරීම පිළිබඳ අප ලැජ්ජා විය යුතුය.

අප සියළු දෙනා එක් දෙයක් සිහි තබාගත යුතුය. අපව උකසට තබා ගනිමින් අපගේ නාමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන නියෝජිතයාගේ ගෞරවය හා ජනතා අභිලාෂයන් කෙලසන මහජන නියෝජිතයන් වීරයන් බවට පත් නොකර, පක්ෂ පාට භේදයෙන් තොරව ප‍්‍රතික්ෂේප කිරීම සවිඥානික පුරවැසියන්ගේ වගකීමක් බව අපි දැඩිව අවධාරණය කරමු.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,

රෝහණ හෙට්ටිආරච්චි – පැෆ්රල් සංවිධානය, චාමින්ද රාජකරුණා, නිශාන්ත ප‍්‍රීතිරාඡ් – සර්වෝදය ශ‍්‍රමදාන සංගමය, ආචාර්ය පී.ඒ.කිරිවන්දෙණිය, සමාධානී කිරිවන්දෙණිය – සණස ව්‍යාපාරය, ප‍්‍රබෝද චින්තක – රයිට්ස් නව් සාමුහිකය, අශෝක ඔබේසේකර, ශෂී ද මෙල් – ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා , අතාවුද ජයවර්ධන – විද්වත් වෘත්තීකයන්ගේ සංගමය, හේමන්ති ගුණසේකර – ශ‍්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය, දයා හේරත් – ලක්බිමේ මවුවරු සහ දියණියෝ, සමන් හමන්ගොඩ – පැල්ට‍්‍රා සංවිධානය, මංජුල ගජනායක – මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විමල් ප‍්‍රනාන්දු – මානව හිමිකම් සුරැුකීමේ සංවිධානය, තිස්ස විෙඡ්තුංග – සංවර්ධන පහසුකම් සැලසීමේ ශි‍්‍ර ලංකා මධ්‍යස්ථානය, ආරියපාල ගමගේ – රාජ්‍ය නොවන සංවිධාන ජාතික ක‍්‍රියාකාරී පෙරමුණ, නීතිඥ ජගත් ලියනාරච්චී .

 

Post Views: 16
Previous Post

ජනපති කිව්ව දේ කථානායක කරලා නෑ – ලක්ෂමන් යාපා කියයි

Next Post

රනිල්ට අගමැති කම දෙන්න බෑ කියලා මෛත්‍රි කියන්න ඕන..! අජිත් කියයි

editor

editor

Next Post

රනිල්ට අගමැති කම දෙන්න බෑ කියලා මෛත්‍රි කියන්න ඕන..! අජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved