• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් සභා ඡන්දය පවත්වන්න – මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලයි

5 March 2019
in දේශීය

දිනෙන් දින ප‍්‍රමාද වන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස රජයට බලකිරීමේ වෑයමට අමතරව තවත් එක් සුවිශේෂී මැදිහත්වීමක් සිදුකිරීමට මාර්තු 12 ව්‍යාපාරය තීරණය කර තිබේ.

එම සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙතෙක් අඛණ්ඩව මැදිහත්වෙමින් සිටින පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ උත්සාහයට නව මානයක් එක් කරමින් නුදුරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හරහා තෝරාපත් කර ගත යුතු ජනාධිපතිවරයා පිළිබඳ මහජන අභිලාශ එළිදැක්වීමට කටයුතු කරන බවයි.

එළඹෙන මාර්තු මස 12 වැනි දිනට මාර්තු 12 ස්වෙච්ඡා ව්‍යාපාරය අරඹා වසර 04ක් සපිරෙන අතර එම සංවත්සරය සමරමින් වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට මාර්තු 12 ව්‍යාපාරය මේ වන විට කටයුතු සංවිධානය කරමින් සිටී.

සිව්වැනි සංවත්සරය සැමරෙන මාර්තු 12 වැනි දින නිදහස් චතුරශ‍්‍රයේ දී එකී වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කිරීමට නියමිත ඇත. එහි මූලික අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකිකයන් තම රටෙහි ප‍්‍රගතිය උදෙසා පත්කර ගැනීමට අපේක්‍ෂා කරන සිහින ජනාධිපතිවරයා පිළිබඳ විවිධ පාර්ශවයන්ගේ මතවාද සඳහා අවස්ථාවක් සලසාලීමත්, පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කළ හැකි එවන් ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීම සඳහා වන ජනතා මතයට වේදිකාවක් නිර්මාණය කිරීම බව මාර්තු 12 ව්‍යාපාරය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Post Views: 8
Previous Post

කැමැති දේ ඉටු වුණේ නැති වුණාහම විවේචන කරනවා – ඇමැති හකීම් කියයි

Next Post

මුදල් ඇමැති අයවැය ඉදිරිපත් කරයි (updata)

editor

editor

Next Post

මුදල් ඇමැති අයවැය ඉදිරිපත් කරයි (updata)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved