27 April 2024
#දේශීය

අද දහවල් 12 ට හිරු දිවයිනට ඉහළින්

දිවයිනට ඉහළින් සූර්යයා මුදුන් වීම අද 12.12 සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම තත්ත්වය ලබන 15 වන දා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරනු ඇති බවයි.

අද දිනයේදී දහවල් 12.12ට දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල, කැකනදුර, කොටවිල, මිදිගම යන ප‍්‍රදේශයන්ට සුර්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසිය.

ඒ අනුව දැනට පවතින උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි වනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *