• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙ.ටො.12000 ක් හදිසි මිලදී ගනි

4 November 2019
in දේශීය

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.  මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරනු ලැබේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ ගෑස් මෙ. ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02) වරායට සේන්දු වූ අතර හෙට අඟහරුවාද තවත් මෙ. ටොන් 3600 ක නැවක් වරායට පැමිණෙනු ඇති බවයි. ලබන සෙනසුරාදාද තවත් මෙ.ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතයි.

හදිසි මිලදී ගැනීම් යටතේ සාමන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් ද මෙට්‍රික් ටොන් 6000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවනු ඇත.

ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය කලබලයට පත් නොවන්නැයි රජය පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික

අධිකාරිය විසින් වැටලිම් කර ඇත.ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ.

Post Views: 12
Previous Post

රනිල් ගේ ආණ්ඩුව ඇමෙරිකාව සමඟ අත්සන්කරන MCCගිවිසුමෙන් රටෙන් පහෙන් එකක් ඇමෙරිකාවට…

Next Post

උතුර – නැගෙනහිර ඇතුළු පලාත් නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් ඇති කරනවා : රනිල් වික්‍රමසිංහ

editor

editor

Next Post

උතුර - නැගෙනහිර ඇතුළු පලාත් නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් ඇති කරනවා : රනිල් වික්‍රමසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved