27 April 2024
#දේශීය

කොරෝනා ආසාදීතයින් ගණන තවත් 10 කින් ඉහළ යයි (Updata)

තවත් කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 142ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අද දිනය තුළ පමණක් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 20දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගනු ලැබ තිබේ.

 

පෙර පුවත්

 

මෙරට කොරෝනා ආසාදිතයින් 132 දක්වා ඉහලට ..

 

 

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව132 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

 වෛද්‍යවරයා කියා සිටියේ අද (31) පස්වරු 04.15 වන විට ආසාදිතයින් 10 දෙනා තහවුරු වු බවයි.

එසේම මේ වන විට සුවය ලබා 16 දෙනෙකු රෝහලින් පිටව ගොස් ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *