27 April 2024
#සංවර්ධන

රෝහල් කාර්යමණ්ඩලයට මුහුණු ආවරණ දුමින්ද මැදිහත්වී ලබා දෙයි

දිවයින පුරා රෝහල්වල කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කරන රෝහල් කාර්යමණ්ඩල සදහා මුහුණු ආවරණ (face shield) 1000ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් බද්‍රාණි ජයවර්ධන මහත්මිය වෙත හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පිරිනැමීය.

අද (01) පෙරවරුවේ මෙම භාණ්ඩ ලබා දීම් සිදු කළේය.

දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවසේදී මෙම මුහුණු ආවරණ නිශ්පාදනය කල අතර ව්‍යාපාරික චන්න ගමගේ මහතා විසින් ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබා දී තිබේ.

මෙම මුහුණු ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පිරිණැමීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හමු වී මේ සම්බන්ධ දැනුවත් කිරීමත් සිදු කර ඇති අතර ඉදිරියට සිදුවිය යුත්තේ කුමක්දැයි යන්නද දුමින්ද දිසානායක මහතා විසින් විමසීමක් සිදු කර තිබේ.

මෙරට දෙකෝටියක ජනතාවගේ සුරක්ෂාව වෙනුවෙන් රෝගීන් සමග නිරන්තරයෙන් ගැටෙන වෛද්‍යවරුන්, හෙද- හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කාර්යක් බවට පත් කර ගනිමින් රෝහල් කාර්යමණ්ඩලයන්ට අත්‍යවශ්‍ය වන මුහුණු ආවරණය මෙලෙස නිෂ්පාදනය කල බව දුමින්ද දිසානායක මහතා පැවසිය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *