27 April 2024
#සංවර්ධන

ජනතාවට හිතකර ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණතුංග

කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද ජනතාවට හිතකර ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදට යෙදී තිබූ ලෝක නගර දිනය නිමිත්තෙන් කෝට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) එක්වෙමිනි.

එමෙන්ම ලෝක නගර දිනය සමරමින් පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යාක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත, බුද්ධදාස ක්‍රීඩාංගනය අසලින් අද උදෑසන ආරම්භ විය.

අනතුරුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාතත්‍ය තේනුක විදානගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කලුවර හා කරඳ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්ද බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රෙය්දී ක්‍රියාත්මක කෙරිණ.

කෝට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය ව 2018 නොවැම්බර් මාසයේදී ලෝක බැංකු ආධාර මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම තෙත්බිම් උයන ඉදිකර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 400 කට ආසන්න මුදලක් වැය කර තිබේ.

කොටුබැම්ම තෙත්බිම් උද්‍යානයේ සම්පූර්ණ වපසරිය හෙක්ටයාර 14කි. මෙය බැද්දගාන, තෙත්බිම් උද්‍යානයේම දිගුවකි. මෙහිදී සමනලුන්, බත්කූරන්, විවිධ මසුන්, පක්ෂීන්, හඳුන් දිවියා ඇතුළු විවිධ සත්වයන් දැක බලාගත හැකිය.

මෙම තෙත්බිම් උද්‍යානය දිනපතාම පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත්තව පවතී. මේ සඳහා වැඩිහිටියන් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව වශයෙන් රුපියල් 100ක් වන අතර ළමයින් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 50 කි.

පළමු ප්‍රවේශ පත්‍රය මිලදී ගෙන තෙත්බිම් උද්‍යානයට ඇතුළුවූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අනතුරුව තෙත්බිම් උද්‍යානයේ නිරීක්ෂණ චාරිකද නිරත විය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න සිල්වා, ලෝක බැංකුවේ නාගරික විශේෂඥ තලෙයිටා ඊ. යුවොනෝ, කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තුෂාරි අන්ද්‍රාහැන්නදි ඇතුළු මහත්ම මහත්මීන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *