ලෝකයේ දැවැන්තම සහ ප්‍රධානම වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන 139 වන කැන්ටන් ප්‍රදර්ශනය (Canton Fair) අද (15) දකුණු චීනයේ ගුවන්ජෝ (Guangzhou) නුවරදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. වසරකට දෙවරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය චීනය තුළ දීර්ඝතම කාලයක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන ප්‍රධානම ජාත්‍යන්තර වෙළඳ උළෙල ද වේ.
මෙවර ප්‍රදර්ශනය “උසස් නිෂ්පාදන, ගුණාත්මක ගෘහ ජීවිතය සහ වඩා හොඳ ජීවිතයක්” යන තේමාවන් යටතේ අදියර කිහිපයක් ඔස්සේ ලබන මැයි මස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශන කුටි 75,700 කින් සමන්විත මෙම දැවැන්ත වැඩසටහන තුළ ලොව පුරා නවතම තාක්ෂණික නිෂ්පාදන සහ නව නිපැයුම් රාශියක් ප්‍රදර්ශනයට තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














