• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 ක් පත් කරයි

30 March 2019
in දේශීය

රාජ්‍ය සේවාවන්වලට සහ රාජ්‍ය සංස්ථාවලට පත් කරනු ලබන/ නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ පත්වීම් පසුගිය 27 වනදා දින අනුමත කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමුවැනි ශ්‍රේණියට අයත් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දහහතර දෙනා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීමට නියමිතය.

ඒ පිරිස නම් “කේ.ඩී. සෙනෙවිරත්න මහත්මිය, නිව්යෝක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, රොඩ්නි එම්. පෙරේරා මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති, ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය, බෙල්ජියමේහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි, ඒ.එස්. නාකන්දල මහතා, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය සඳහා වූ නිත්‍ය නියෝජිත, වයි.කේ. ගුණසේකර මහත්මිය, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි, ජේ.ඒ.එස්.කේ. ජයසූරිය මහත්මිය, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි, ප්‍රදීපා සේරම් මහත්මිය, බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි, ශෝබිනී ගුණසේකර මහත්මිය, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි, සරෝජා සිරිසේන මහත්මිය, ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සහ ජාත්‍යන්තර පරමාණු ශක්ති නියෝජිතායතනය සඳහා වූ නිත්‍ය නියෝජිත, ඕ.එල්. අමීර්අජ්වාඩ් මහතා, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති, එම්.ජේ.පී. ජයසිංහ මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති, වරුණ විල්පාත මහතා, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති, සෂිකලා ප්‍රේමවර්ධන මෙනෙවිය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, සහ රිස්වි හසන් මහතා, තුර්කියේශ්‍රී ලංකා තානාපති.

මෙම පත්වීම් සමඟ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී තනතුර දරන වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රතිශතය 36.57% සිට 46% දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකාව විදේශයන්හි තානාපති කාර්යාල/මහකොමසාරිස් කාර්යාල 52 ක් පවත්වාගෙන යයි.

 

 

Post Views: 30
Previous Post

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග ආවරණයට මාධ්‍යට අවසර දෙයි

Next Post

විදුලිය අර්බුදය ගැන වසර ගණනකට පෙර අපි දැනුම් දුන්නා – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

editor

editor

Next Post

විදුලිය අර්බුදය ගැන වසර ගණනකට පෙර අපි දැනුම් දුන්නා - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved