27 April 2024
#දේශීය

සයින්දමරදු පිපිරීමෙන් 15 ක් මරුට

සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නිවසින් ආරක්ෂක අංශ දෙසට වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ දෙසින් වෙඩි තැබිමක්ද සිදුව ඇති අතර පසුව පිපිරීම් කිහිපයක්ද සිදුව තිබේ.

පසුව පිපිරීම් සිදුකළ නිවස පරීක්ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු හමුව තිබේ. ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ හා කුඩා දරුවන් හය දෙනෙනකුගේ සිරුරු සොයාගෙන ඇත. ඊට අමතරව නිවසින් පිටත තිබූ තවත් පුද්ගලයන් තිදෙනෙකුගේ මෘත ශරීර තුනක් සොයාගෙන ඇත.

එසේම නිවස තුළ බරපතල තත්ත්වයෙන් තුවාල ලබාසිටි කාන්තාවක් හා කුඩා දරුවෙකු රෝහල් ගත කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *