• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවරඑළිය නව මහ රෝහල විවෘත කිරිම ජුලි 15 දා

12 July 2019
in සංවර්ධන

නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජුලි මස15 දින පෙරවරු 10.00 ට විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 39 ක් වැය කරමින් මෙම නව රෝහල ඉදිකර ඇත. ඇදන් 422 කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්‍ය උපකරණ සවිකර ඇත. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් සදහා නව නිල නිවාස ද ඇතුලත් වෙයි.

මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2012 වසරේ දීය. නුවරඑළිය නව රෝහල ඉදිකිරීමෙන් පසු පැවැති ඇතැම් ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විසදීමෙන් පසු නව රෝහල විවෘත කිරීමට තීරණය විය. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ඉහළ ගුණාත්මකබවින් යුත් සුරක්ෂිත ඵලදායි සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් නව මහ රෝහල විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

එසේම පැරණි රෝහල තුල සායන කිහිපයක් පවත්වාගෙනයාමට ද තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 20
Previous Post

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

Next Post

රිෂාඩ්ගේ මුළු පවුලේම ඔප්පු තමා ළග බව එස්.බී කියයි (විඩියෝ)

editor

editor

Next Post

රිෂාඩ්ගේ මුළු පවුලේම ඔප්පු තමා ළග බව එස්.බී කියයි (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved