• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරටට පැමිණෙන සියළු මගීන් දින 15 ක නිරෝධානයට – සෞඛ්‍ය අංශ

3 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය රටවල සිට ගුවන් සහ නව් මගින් මෙරටට පැමිණෙන සියලු මගීන් දින 15 ක නිරෝධානයට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද දින (03) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව අමතමිනි.

එහිදී අමාත්‍යවරිය මෙසේ කියා සිටියේය ” චීනයේ කොරෝනා වෛරසය පැතිරිම සීඝ්‍රයෙන් අඩු වුවත් ලෝකයේ රටවල් ගණනාවක මෙම වෛරසය පැතිරිම ඉතාම ප්‍රභලව සිදු වෙමින් පවතිනවා. චීන රජය මෙම වෛරසය මර්දනය කර ගැනීමට යම් ක්‍රමවේද භාවිත කරමින් යම් සාර්ථක මට්ටමකට පැමිණියත් අනෙක් රටවල් 262 ක රෝගය පැතිරීම තිබෙන නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය ගෝලීය තර්ජනයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.”

“එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහටත්, මේ සම්බන්ධයෙන් පත් කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව විදිහටත් අපි යම් යම් වැදගත් තීන්දු කිහිපයක් අද උදෑසන රැස් වූ කොරෝනා වෛරසය මර්දනය සදහා පත් කළ ජාතික ක්‍රියාකාරි කමිටුව විසින් ගනු ලැබුවා. එයින් එක් තීන්දුවක් විදිහට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන නිසා ගුවන් සහ නැව් මගින් එම රටවල සිට ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණි පසු සියලුම මගීන් දින 15 ක නිරෝධායනයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ මෙම වෛරසය පැතිරෙමින් පවතින තත්ත්වය මර්දනය කිරීම සදහා නිති පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් ක්‍රියාකාරි කමිටුවක් දිනපතා රැස්කරවීමටත්, ඒ සමිබන්ධයෙන් කටයුතු කිරිමටත් අපි තීන්දු කළා.”

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “ලෝකයේ මෙම වෛරසය පැතිරීම සම්බන්ධව අපි අනතුරු තක්ෂේරුවක යෙදෙනවා. නවතම අවධානම් තක්ෂේරුවට අනුව තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවලින් ලොකු අවධානමක් නැහැ. දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය කියන රටවල් අවධානම් තක්ෂේරුවේ ඉහළින්ම සිටිනවා. දකුණු කොරියාවේ රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි මස 26 දින සිට 4212 ක්, ඉතාලියේ 1689 ක්, ඉරානය 1000 කට අධික ප්‍රමාණයක් වශයෙන් රෝගීන් වාර්තා වනවා. අප රට තුල වෛරසය පැතිරීම පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රියාවලිය තුල ගුවන්තොටුපලේ සිට ආවේක්ෂණය කර දින 14 ක් දක්වා එම මගීන් සිටින ස්ථාන ආවේක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර තිබෙනවා. ගුවන්තොටුපලේ නව පැමිණීමේ පිවිසුම් මාර්ග වැඩි කර තිබෙනවා. ප්‍රභූ පර්යන්තය ද ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුලත් කර තිබෙනවා. රට තුල 1954 ක පිරිසක් පසුවිපරමට ලක්වෙමින් පවතිනවා. මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 679 ක්, චීන ජාතිකයින් 747 ක්, කොරියාවෙන් පැමිණි 380 ක්, සහ වෙනත් අය 148 ක් වනවා. මෙම පසු විපරමට ලක්වන අයගෙන් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ මහනගර සීමාවේ. එම පිරිස 677 ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථාන වෙත ගොස් එම පිරිස් වල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා. සුඛෝපබෝගී මගී නෞකා නිරෝධායන හා රෝග වැළැක්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාට පනතේ ලැබී ඇති බලතල අනුව අද දින සිට මගීන් ගොඩබැස්සවීම නවත්වනු ලැබුවා. එම නිවේදනය වරාය සංස්ථාවේ සභාපතිතුමාටත්, ආගමන විගමන පාලක තුමාටත් ඊයේ දින දැනුම් දුන්නා. නෞකා පැමිණීම නැවැත්තුවේ නැහැ. සේවා කටයුතු කරන්න, ඉන්ධන ලබාගැනීමේ කටයුතු කරන්න නමුත් මගින් ගොඩබිමට පැමිණීම තමයි වැළැක්වූවේ. මෙම වෛරසය රටට තුලට ඇතුලුව ජාතික ආපදා තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදී පැතිරිම පාලනය සදහා සෞඛ්‍ය අංශ නිරතුරුව කටයුතු කරනවා.”

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ගැසට් පත්‍රය මෙන්න

Next Post

ජනතාව බලා ඉන්නේ මහ මැතිවරණයේදී ‘උකුස්සන් සහ කටුස්සන්’ ගෙදර යවන්නයි – ඇමැති විමල්

editor

editor

Next Post

ජනතාව බලා ඉන්නේ මහ මැතිවරණයේදී ‘උකුස්සන් සහ කටුස්සන්’ ගෙදර යවන්නයි - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට  එංගලන්තයෙන් විනිසුරුවන්  දෙදෙනෙකු තේරී පත් වෙයි

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එංගලන්තයෙන් විනිසුරුවන් දෙදෙනෙකු තේරී පත් වෙයි

10 April 2026
එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින්  IPL තරඟයක් ජයග්‍රහණය කරවූ  මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට  පොරොන්දු වෙයි

එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින් IPL තරඟයක් ජයග්‍රහණය කරවූ මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට පොරොන්දු වෙයි

10 April 2026
තේ පොහොර බෙදාහැරීමේ  QR ක්‍රමවේදය සාර්ථක වෙයි

තේ පොහොර බෙදාහැරීමේ QR ක්‍රමවේදය සාර්ථක වෙයි

10 April 2026
ටොම් වොට්සන්ගෙන් දැඩි ප්‍රකාශයක් LIV ගොල්ෆ් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය  දක්වා තහනමක් පැනවිය යුතුයි

ටොම් වොට්සන්ගෙන් දැඩි ප්‍රකාශයක් LIV ගොල්ෆ් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවිය යුතුයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තිරසාර සෞඛ්‍යයක් කෙරෙහි  අවධානය යොමු කරමින් අද ලෝක හෝමියෝපති දිනය සමරයි

තිරසාර සෞඛ්‍යයක් කෙරෙහි අවධානය යොමු කරමින් අද ලෝක හෝමියෝපති දිනය සමරයි

10 April 2026
ජොනී ක්ලේටන් බ්‍රයිටන් හිදී  ජයග්‍රහණය කරමින්  ප්‍රිමියර් ලීග් පුවරුවේ  පෙරමුණට

ජොනී ක්ලේටන් බ්‍රයිටන් හිදී ජයග්‍රහණය කරමින් ප්‍රිමියර් ලීග් පුවරුවේ පෙරමුණට

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved