27 April 2024
#දේශීය

සුනාමි ව්‍යාවසනයට වසර 15 යි – පෙ.ව 9.25 මිය ගිය අය සිහි කරන්න

වසර 2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යවසනයෙන් ජීවිත 35000ක් පමණ අහිමි කරමින් දේපළ රැසක් අහිමි කළ දිනය වේ.

ඒ අනුව සුනාමි ව්‍යාවසනය නැවත අනුස්මරණය කිරීමේ ජාතික සුරක්ෂිතතා දිනය ඒ අනුව අදට (26) යෙදී තිබේ.

එය මෙරට ජනතාවට අමතක කළ නොහැකි මහා ඛේදවාචකයකි. ඒ අනුව සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 15ක් ගත වී තිබේ.

මෙම ව්‍යවසනයෙන් මිය ගිය පිරිස පන්දහසකට අධිකය.

මෙම ව්‍යවසනයෙන් පසුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිට වූ අතර බිම් මට්ටමේ සිට පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමට මෙම මධ්‍යස්ථානය විසින් සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුනාමි ව්‍යාවසනය නැවත අනුස්මරණය කිරීමේ ජාතික සැමරීමේ වැඩසටහන් 25ක් දිස්ත්‍රික්ක 25 පුර ක්‍රියාත්මකයි. පැරෑලියේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ විශෙෂ ආගමික වැඩසටහනක් ද පැවැත්වෙයි.

ඒ අනුව අද (26) පෙ.ව. 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යවසනය අනුස්මරණය කිරීම සඳහා නිහඬතාවයක් පවත්වන ලෙස ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *