වියට්නාමයේ ෆු ක්වොක් දූපත අසල මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරකින් ඉන්දියානු සංචාරකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (11) දින මෙම අනතුර සිදුවී ඇත්තේ න්ගෝයි දූපතේ සිට ඇන් තෝයි වරාය බලා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් රළු මුහුද සහ තද සුළං තත්ත්වයන් හේතුවෙන් පෙරළී යාමෙනි. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ ඉන්දියානු සංචාරකයින් 32 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු සහ එක් සේවකයෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු ගමන් කර ඇත.
සිද්ධියෙන් පසු පුද්ගලයින් 21 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වියට්නාම මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වූ පිරිස අතර ඉන්දියානු සංචාරකයින් බහුතරයක් සිටින බව තහවුරු වී ඇත.
















