ජංගම දුරකථනය ලබා නොදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් තම 10 හැවිරිදි නැගණියට පහර දී ගෙල සිර කර ඝාතනය කළ 15 හැවිරිදි සහෝදරයෙකු එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එරාවුර්, වෙට්ටුවෙල් ප්‍රදේශයේ පදිංචි සත්‍නාදන් සත්තිසා නම් දැරිය මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.
සැකකරු විසින් නැගණිය ඝාතනය කිරීමෙන් පසු ඇගේ මළ සිරුර නාන කාමරයේ බේසමක වතුර පුරවා ඒ තුළ දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. නැගණිය මිය ගිය ආකාරය පිළිබඳව මව සැකකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු විසින්ම ඇයව ගෙල සිරකර මරා දැමූ බව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.
















