වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර එම නිවසේම සිටි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත. මියගොස් ඇත්තේ 49 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනාම නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් අදාළ පුද්ගලයා කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඇති බවත්, ඉන් අනතුරුව ඔහු සියදිවි නසාගෙන ඇති බවත්ය. වැල්ලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















