• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෛනිකව කොවිඩ් පරීක්ෂණ 1500ක් : අවශ්‍ය වුවොත් 3000ටත් සූදානම් !

1 May 2020
in දේශීය

බස්නාහිර පලාතේ කොරෝනා ( කොවිඩ් -19) තත්වය පාලනයට යටත් කොට  කොට තිබෙන බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඊට අනූව   මේ වන විට බස්නාහිර පලාතේ විශාල වශයෙන් පී. සී. ආර් . පරීක්ෂණ සිදුකර ඇති බවත් මේ වන විට විවිධ අවදානම්  කණ්ඩායම තෝරා ගෙන පී. සී. ආර් .පරීක්ෂණ සිදු කරමින් පවතී.

එහෙත් තත්ත්වය තවමත්  100% ක්  පාලනය කොට ඇති බව පැවසිය නොහැකිබවද එහි සඳහන් වේ. 

පාලනය අප අතින් ගිලිහී නොමැති අතර පාලනය අප අතට ගෙන ඇති බව වගකීමෙන් ප්‍රකාශ කල හැකි බවද ඒ මහතා පවසයි.

එලඹෙන මැයි මස  04 වනදා, සඳුදා වනවිට  රට යථා තත්වයට පත් කල හැකි වීම හෝ නොවීම පිලිබදව දැනට අනාවැකි පලකල නොහැකි බවද එහිදි සඳහන්. 

කෙසේවෙතත් වෙසක් සමය දක්වාම මෙම අධික සුපරීක්ෂාව පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වාදෙයි.

ඉන් අනතුරුවද තවත් කලක් ගතවන තුරු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් යම් පාලනයකට යටත්ව දෛනික කටයුතු සිදු කිරීමට සිදුවීම අනිවාර්ය ය.

ඊයේ (30) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ 1397 ක් සිදු  කර ඇත. 

පරීක්ෂණ වලට සාපේක්ෂව රෝග ආසාදිතයින් හමු වන්නේ සුළු වශයෙනි. කෙසේ වෙතත් පී.සී.ආර්. පරීක්ෂණ  දෛනිකව සිදුකරන සාමාන්‍ය ප්‍රමාණය 1500 මට්ටමක දිගටම පවත්වාගෙන යනු ලැබේ.

එම පරීක්ෂණවලට ලක් කරන්නේ කුමන කණ්ඩායම්ද යන්න එලඹෙන තත්වයන් අනුව තීරණය කරනු ලැබේ. අවශ්‍යතාවයක් සිදු වුවහොත් දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 3000 දක්වාද වැඩි කිරීමට මේ වන විට හැකියාව පවතී. 

විශ්ව විද්‍යාල පද්ධතියද මෙම පරීක්ෂණ සිදු කිරීම නිසා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය මෙසේ ඉහල නැංවීමට හැකියාව ලැබී තිබේ. 

චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුනු කට්ටල මෙන්ම ,භාවිත කරන කුමන පී.සී.ආර්. පර්‍ර්ක්ෂණ කට්ටලයක් වුවද එහි නිරවද්‍යතාව පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂා (Validate)  කෙරේ. 

එබැවින් පරීක්ෂණ වල ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් සෑහීමට පත්වන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් රෝගය පාලනය පිණිස බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ මහජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යලිත් අවධාරණය කරයි.

Post Views: 6
Previous Post

අගමැතිගේ කැඳවීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

Next Post

කොරෝනා මර්දනයට තවදුරටත් පරිත්‍යාග – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

කොරෝනා මර්දනයට තවදුරටත් පරිත්‍යාග - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved