• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැතිගේ කැඳවීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

1 May 2020
in දේශීය

අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එසේම පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නොවන බව එම පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේය.

එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව අප විශ්වාස කරන හෙයින් මැයි 04 වන දිනට කැඳවා ඇති රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

 

ජනතා විමුක්ති පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

අග්‍රාමාත්‍යතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ 02.

ගරු අග්‍රාමාත්‍යතුමනි,
අග්‍රාමාත්‍යතුමා විසින් කැඳවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ
රැස්වීම පිළිබඳවයි

රටේ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි 04 දින පෙ.ව. 10.00ට අරලියගහ මැදුරේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන ලෙස මටත් අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ටත් දන්වා එවා තිබේ.

එසේම, ජනමාධ්‍ය විසින් පළකරනු ලැබූ ප්‍රවෘත්තියකින් කියවුණේ මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ටම ආරාධනා කර ඇති බවය.
කොරෝනා ව්‍යසනය පැරදවීම සඳහාත්, ඒ හා බැඳුණු ජන ජීවිතයේ පවතින දුෂ්කරතාවලට විසඳුම් සෙවීමටත් පක්ෂයක් ලෙස හැමවිටම අපි අපේ මැදිහත්වීමත් සහයෝගයත් ලබාදී ඇත්තෙමු. ඉදිරියේදීද අපගේ මැදිහත්වීම ලබාදෙමු.

කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස අපි නොදකිමු. විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂය ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව අපේ අදහසයි.

අනෙක් අතට කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම යැයි අපි සිතමු. මීට පෙර අගමැතිවරයා ලෙස ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්‍ෂ නායකයින්ගේ සාකච්ඡාවට අප පක්‍ෂය සහභාගී වූ බවද එහිදී අප පක්‍ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බවද මෙහිලා සඳහන් කරමු.

අනෙක් අතට අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත.

එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,
01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම්
02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අපි දැඩිව විශ්වාස කරමු.

එසේ නොමැතිව ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව අප විශ්වාස කරන හෙයින් මැයි 04 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව මෙයින් දන්වා සිටිමු.
මෙයට විශ්වාසී,

අනුර දිසානායක (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
පක්ෂ නායක – ජනතා විමුක්ති පෙරමුණ
2020.05.01

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

රුසියාවේ අගමැතිටත් කොරෝනා

Next Post

දෛනිකව කොවිඩ් පරීක්ෂණ 1500ක් : අවශ්‍ය වුවොත් 3000ටත් සූදානම් !

editor

editor

Next Post

දෛනිකව කොවිඩ් පරීක්ෂණ 1500ක් : අවශ්‍ය වුවොත් 3000ටත් සූදානම් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved