27 April 2024
#සංවර්ධන

මධ්‍යම පළාතේ පාසල් 1520 ක් වගා කටයුතු සඳහා සුදානම් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

මධ්‍යම පළාතේ පාසල් 1520 හි අක්කර 285ක් වගාවට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැංවෙන ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය වෙනුවෙන් වූ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම පැවැත්විමට කටයුතු යොදා ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

මධ්‍යම පළාතේ පාසල් 1520 හි අක්කර 512 න් මේවන විට අක්කර 227ක් වගා කොට ඇති බවත් වගා රහිත අක්කර 285ක් වගාවට සූදානම් බවත්, ඒ සදහා ප්‍රදේශය සභා , පාසල් සංවර්ධන කමිටු හරහා ශක්තිය ලබාදීමට උපදෙස් ලබා දුන් බවත් එම මහතා සදහන් කර සිටියේය.

පළාතේ දරුවන් 137253 මේ වන විටත් පෝෂණ වැඩසටහන සදහා මේ වන විටත් ඇතුලත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ඉතා සුවිශේෂි මෙන්ම අවශ්‍යතාව මත පදනම් වූ වැඩසටහනක් ‍වන මෙම වැඩසටහන සදහා රාජකාරි ස්වභාවයේ නියෝජනය පමණක් නොව පුද්ගලිකව ක්‍රියාකාරීව සහභාගී වීම සිදු විය යුතු බවත්, පවතින අභියෝගකාරී ආර්ථික තත්ත්වය හමුවේ මුහුණ දෙනු ලබන ගැටලු වෙනුවෙන් සෑම අයෙක්ම වගකීමකින් කටයුතු කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *