• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රිය කාර්යක්ෂමතා වැඩිකිරීමට ඇ.ඩො. මිලියන 160 ක මූල්‍ය ආධාර

20 August 2019
in සංවර්ධන

දුම්රිය මෙහෙයුම් නවීකරණය කිරීම සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් සපයනු ලබන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් දුම්රිය අංශයේ වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160 ක ණය ආධාර ලබාගැනීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 32 කි.

දිගුකාලීන අංශ සංවර්ධන සැලැස්මක ආරම්භක ආයෝජනය වන දුම්රිය කාර්ය්‍යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්, නඩත්තු, ආරක්ෂාව, නිපුණතා සංවර්ධනය සහ තාක්ෂණික ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් රටේ දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමට මූල්‍යාධාර සපයනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් නවීන බහු-චැනල් – කඩදාසි, ජංගම සහ ස්මාර්ට් කාඩ් – ටිකට්පත් පද්ධතියක් ලබා දෙන අතර අති නවීන විදුලි සංදේශ පද්ධතියක් ද ස්ථාපනය කෙරෙන අතර එය 1985 දී ස්ථාපනය කරන ලද මුල් පද්ධතිය වෙනුවට ආදේශ කරනු ඇත.

නව විදුලි සංදේශ පද්ධතිය දුම්රිය රියදුරන් සමඟ ද්වි-මාර්ග සන්නිවේදනය සඳහා පහසුකම් සැලසීම මගින් දුම්රිය ප්‍රමාද වීම අඩු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් නව මෙහෙයුම් මූලස්ථානයකට සහ දුම්රිය පාලන මධ්‍යස්ථානයකට මුදල් යෙදවීම, ධාවන පථ හා පෙරළීමේ කොටස් නඩත්තු කිරීම සඳහා යටිතල පහසුකම් සහ උපකරණ සැපයීම සහ දුම්රිය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය ද වැඩිදියුණු කෙරෙන අතර අනාගත අභ්‍යාසලාභීන්ට නවීන දුම්රිය තාක්ෂණයන් පිළිබඳ නවීකරණය වූ පාඨමාලා ඔස්සේ දැනුම ලබා දීම සිදු කෙරෙනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකා නේවාසික මෙහෙවර භාරව කටයුතු කරන නිලධාරී මංජුලා අමරසිංහ මහත්මිය 2019 අගෝස්තු 20 වන දින ඇ.ඩො. මිලියන 160 ක් ලබාගැනීම සදහා මුදල් අමාත්‍යාංශයේදී ණය ගිවිසුම් අත්සන් කෙරිණි.

 

 

 

 

 

Post Views: 35
Previous Post

මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්

Next Post

වැඩ නිමවෙමින් පවතින කුරුණෑගල ගම්පෙරලිය

editor

editor

Next Post

වැඩ නිමවෙමින් පවතින කුරුණෑගල ගම්පෙරලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved