27 July 2024
#දේශීය

මෙරට 16 වන කොරෝනා ආසාදිත මරණය සිදු වෙයි

කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු ඊයේ (25) අලුයම කාලයේදී මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක් වු පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ 02 ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 23 වනදා රුධිරයට විෂබිජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වු සංකුලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ඇති අතර එම රෝගියා මිය ගොස් ඇත්තේ අදාළ සංකුලතා හේතුවෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.

 

 පෙර පුවත

මෙරට කොරෝනා 15වන මරණය වාර්තා වේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *