27 April 2024
#දේශීය

කල්බදු ක්‍රමයට වාහනය ගෙන චැසි අංක වෙනස් කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වාහන අලෙවි කරනු ලබන ස්ථානවලින් කල් බදු ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන එම වාහන වල චැසි අංක හා ඒන්ජින් අංක වෙනස් කර වෙනත් අංක තහඩු සකස් කර විකිණිමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරවන් ඊයේ (25) බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී මෙලෙ ව්‍යාජ ලෙස සකස් කරන ලද ත්‍රි රෝද රථ 03 ක් හා ලොරි රථ 01 ක් විකුණා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 38 ක් හා 58 ක් වන රුවන්වැල්ල හා ඉඹුල්ගොඩ ප්‍ර දේශයේදී පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (26) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *