පසුගිය ජූන් 24 වනදා වෙනිසියුලාවේ ලා ගුවයිරා (La Guaira) වෙරළබඩ නගරයට බලපෑ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් පුද්ගලයන් 4,000කට වැඩි පිරිසක් මියගොස් 17,000කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මෙම ඛේදවාචකයෙන් කඩා වැටුණු තෙමහල් ගොඩනැඟිල්ලක සුන්බුන් අතර පැය 17ක් තිස්සේ සිරවී සිටි මරියා ඇලෙජැන්ඩ්‍රා සැන්ස් (Maria Alejandra Sanz) නමැති 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක දිවි බේරා ගැනීමට සමත් වී ඇත. ඇය එහිදී පිපාසයට තම මුත්‍රා පානය කරමින් ජීවිතය වෙනුවෙන් සටන් කර තිබේ.
ඇය සිය උසස් පෙළ උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නැටුම් කණ්ඩායමක් සමඟ පුහුණුවීම්වල නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, ඇගේ හොඳම මිතුරන් 10 දෙනාගෙන් සිව්දෙනෙකුම සුන්බුන්වලට යටවී මියගොස් ඇත. ඇයට වතුර රැගෙන ඒමට ඉහළ මහලට ගිය නිසා ජීවිතය බේරුණු නමුත්, ඇගේ සමීපතම මිතුරා වූ ගොන්සාලෝ මාර්කේස් (Gonzalo Marquez) සහ තවත් මිතුරියක වූ ඊසා කැම්පොස් (Isa Campos) ඇතුළු පිරිසක් අහිමි වීම ඇයට දරාගත නොහැකි ශෝකයක් වී තිබේ. සහන සේවා කණ්ඩායම් සහ රජයේ බලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණීමට දින 2-3ක් ප්‍රමාද වීම නිසා මෙම මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවට මියගිය දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරති.
වෙනිසියුලාවේ පැවති දරුණු ආර්ථික අර්බුදය සහ දේශපාලන පෙරළි මැද, විශ්වවිද්‍යාලයට ගොස් රට ගොඩනැඟීමට සිහින මැවූ තම මිතුරන් සැමදා තරුණ වියේම (Young Forever) තබා තමන්ට පමණක් ජීවත් වීමට සිදුවීම පිළිබඳව මරියා දැඩි කම්පනයකින් පසුවෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















