• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ යහපතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී 18සහ 19 සංශෝධනයන් අහෝසි විය යුතුයි – ජනපති

23 June 2019
in දේශීය

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකිවීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුමි හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත් ය.

එමෙන්ම රටේ සංවර්ධනයේ ශක්තිමත්ම බලඇණිය වන ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින් වංචාවෙන් දූෂණයෙන් තොරව තම වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මහජන අවශ්‍යතා කඩිනමින් ඉටුකර දිය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 10
Previous Post

ප්‍රවිණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න දිවියෙන් සමු ගනියි

Next Post

රට ආපස්සට අදින අය ගැන දුමින්ද හෙළි කරයි

editor

editor

Next Post

රට ආපස්සට අදින අය ගැන දුමින්ද හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved