• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසර 18කට පසු ට්‍රැක්ටර් සංස්ථා සේවකයන්ට වන්දි ලැබෙයි

11 March 2021
in දේශීය

1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වානිජ නීතිගත ටැක්ටර් සංස්ථාව 1977දී පෞද්ගලිකකරණය කිරීමෙන් පසු,වසර 2000 දී එය සමාගමක් බවට පත්කිරීමේ දී සේවය අහිමිවූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට එම වන්දි මුදල් ප්‍රදානය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,“ වසර ගණනාවක් තමන්ගේ හිඟ වැටුප් සහ වන්දි ලබා ගැනීමට නොහැකිව සිටි ට්‍රැක්ටර් සංස්ථා සේවක පිරිසට එම පාරිතෝෂිත දීමනා සහ වන්දි ලබාදීමට හැකිවීම සතුටට කාරණයක් බවයි. කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන වගකීම වන්නේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම බව ද හෙතෙම පැවසයි.

එම නිසා පහුගිය කෙටි කාලය තුළ තුල කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කර දෙන කරදෙන පනත් රාශියක් අපිට අලුතෙන් ගෙන යෑමට හැකි වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම පසුගිය වසර ගණනාවක් ඉටු කිරීමට නොහැකි වූ වූ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ ඉල්ලීම දීර්ඝ සාකච්ඡා රාශියකින් පසු ලබාදීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයක් බවය.

අදාල සේවකයන්ගේ හිඟ වැටුප් පාරිතෝෂිත දීමනාවලට අදාල චෙක්පත් අද දින ලබා දෙන අතර ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්වල ප්‍රතිලාභ මුදල් මෙම සේවකයන් විසින් ඉල්ලීම් කළ විට කඩිනමින් ලබාදීම නුදුරු දිනයක සිදු කෙරෙන බව ද එම අර්ථසාධක මුදල් මහ බැංකුවට මේ වනවිට යොමු කර ඇති බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යයංශ ලේකම් මාපා පතිරන මහතාද,කම්කරු ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද, ප්‍රතිලාබීන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්වුහ.

 

Post Views: 22
Previous Post

ආරක්ෂාව සහ සංවර්ධනය අධ්‍යාපනය තුල රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත – ආරක්ෂක ලේකම්

Next Post

බස් රථයක ගැටී 16 හැවිරිදි අයෙක් මරුට

editor

editor

Next Post

බස් රථයක ගැටී 16 හැවිරිදි අයෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved