27 July 2024
#සංවර්ධන

ලබන වසරේදී මත්ස‍්‍ය පැටවුන් මිලියන 18ක් අනුරාධපුරයේ වැව් වලට මුදා හරිනවා – රාජ්‍ය අමාත්‍ය කංචන කියයි

2021 වසරේදී මත්ස‍්‍ය පැටවුන් මිලියන 18ක් අනුරාධපුරයේ වැව් සදහා මුදාහරින බව ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

2021 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදුනාගත් ජලාශ 37 ක් සදහා මත්ස්‍ය පැටවුන් මිලියන 18ක් තැන්පත් කිරිමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමිව අනුරාධපුර පලාත් සභා ශූවණාගාරයේ දී ඊයෙ (09) දින පැවති සාකච්ඡාවේදීය.

මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය බැංකු හා සාකච්ඡා කරමින් සියළුම මත්ස්‍ය කර්මාන්තකරුවන්ට සහනදායි පදනම මත ණය ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. එමෙන්ම ධීවර කාර්මාන්තකරුවන් සියළුදෙනා හට නිසි පුහුණුවක් හා තාක්ෂණික දැනුමක් ලබා දෙමින් ඔවුන් යම් කිසි ශ්‍රේණිගත කිරීමක් සිදුකර ධීවර කාර්මිකයන් නගා සිටුවීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *